ඇෆ්ගනිස්ථානයේ සිවිල් සමාජ නායකයන් ඇතුළු නියෝජිතයන් පිරිසක් අද සඳුදා දින කිලිනොච්චියේ සංචාරයක නිරතවූහ. 35 දෙනෙකුගෙන් යුතු එම කණ්ඩායම පසුගිය 28 වන දින දිවයිනට පැමිණි අතර, අනුරාධපුරය, කිලිනොච්චිය, නුවර ඇතුළු දිස්ත්‍රික්ක රැසක සංචාරය කර තිබේ.
යුද්දයෙන් පසු ශ්‍රී ලංකාවේ තත්වය, සාමය හා සහජීවන ක්‍රියා කටයුතු, සංවර්ධන කටයුතු, ජනතාවගේ සංස්කෘතික තත්වය, සමාජයේ කාන්තාවන්ගේ සහභාගිත්වය ඇතුළු කරුණු රැසක් නිරීක්‍ෂණය කිරීමට සඳහා ඔවුන් පැමිණ තිබේ.
කිලිනොච්චියට පැමිණි ඉකුත් කණ්ඩායම කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් සුන්දරම් අරුමයිනායකම්, අතිරේක ලේකම් සත්‍යසීලන් ඇතුළු දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ නිළධාරීන් කණ්ඩායම ද හමුවී සාකච්ඡා කළෝය.
අනතුරුව කිලිනොච්චිය සිවපුරම් ගම්මානයට ගොස් එහි ජනතාවගේ ජීවන තත්වය ගැන ද සොයා බැලූහ.



