පන්නීර්සෙල්වම්ගේ ප්‍රධානත්වයෙන් නව අමාත්‍යංශ රැස්වීම ආරම්භ වෙයි..

පන්නීර්සෙල්වම්තමිල්නාඩුවේ ඕ. පන්නීර්සෙල්වම් මහතාගේ ප්‍රධානත්වයෙන් නව අමාත්‍යංශය දිවුරුම් දීමෙන් අනතුරුව අලුතින් ධූරයට පත්වූ අමාත්‍යවරුන්ගේ රැස්වීම අද දින ආරම්භවිය.

මහ ඇමැතිනිය ලෙස කටයුතු කළ ජයලලිතා පසුගිය 5වනදා අභාවප්‍රාප්තවීමෙන් අනතුරුව මුදල් ඇමැති ලෙස කටයුතු කළ ඕ. පන්නීර්සෙල්වම් මහතා තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා ලෙස එදින රාත්‍රීයේ දිවුරුම් දීමෙන් පසු ඔහුගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරුන්ද දිවුරුම් දුන්හ.

ඒ අනුව නව අමාත්‍යංශයේ පළමු රැස්වීම අද පෙරවරු 11.30ට ආරම්භවූ අතර, එහිදී හිටපු මහ ඇමැතිනිය වෙනුවෙන් නිශ්ශබ්දතාවක් පවත්වා ශෝකය පළ කළ අතර, ශෝක යෝජනාවක්ද සම්මත කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top