යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකාය මුර සංචාරයේ

1512865_1139062656109090_1342693821382279307_nයාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකාය මුර සංචාරයේ යොදවා තිබේ. යාපනය හා අවට ප්‍රදේශවල පැය 24 පුරාම මුර සංචාරයේ යෙදී සිටිති. පසුගිය ඔක්තෝම්බර් මස 20 වනදා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබුණි.

අනතුරුව දින දෙකකින් පසු චුන්නාකම් ප්‍රදේශයේ උල් ආයුධවලින් කළ පහරදීමකින් සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණි. එම පහරදීම තම කණ්ඩායම විසින් සිඳු කළ බවට ආවා නැමැති කල්ලිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකාය, අපරාධ මර්ධන අංශය, සහ පොලීසිය ඇතුළු කණ්ඩායම් පහක් විසින් මෙහයුම් කටයුතු ආරම්භ කෙරුණි.

img_5111ඒ අනුව යාපනයේ ආවා කල්ලියට සම්බන්‍ධ යැයි සැකපිට තරුණයන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, තවඳුරටත් පොලිස් විශේෂ කාර්‍ය බලකාය සිය මුර සංචාරයේ යෙදී සිටිති.

img_5112

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top