වෙනම ජාතික ගීයක් ගැන පළවූ තොරතුරු අසත්‍යයි – සිවඥානම්

සිවඥානම්උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීතයක් සම්බන්‍ධයෙන් පළවූ තොරතුරුවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වි.කේ. සිවඥානම් මහතා පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු එම චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කර තිබේ. මේ පිළිබඳව උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥනම් මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලගසූරිය මහතා වෙත පැමිණිළි කර තිබේ.

උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක් සම්බන්‍ධයෙන් (2016.12.10) සෙනසුරාදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති පුවත කිසිඳු පදනමක් නැති සම්පූර්ණයෙන් ම සාවද්‍ය පුවතක් බව සිවඥානම් මහතා පවසයි.

උතුරු පළාත් සභාවට අවුරුදු තුනක් සම්පූර්ණ වන මේ මෙහොතේ අනික් පළාත් සභාවලට මෙන් ම උතුරු පළාතට ද වෙනම පළාත් ගීතයක් නිර්මාණය කළ යුතු බවට කළ යෝජනාව විකෘති කර මෙලෙස අසත්‍ය පුවතක් පළකර ඇති බව හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top