ජනපති සහ තජිකිස්ථාන ජනපති අතර සාකච්ඡා හමුවක්

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තජිකිස්ථාන ජනාධිපති එමොලි රහ්මන් මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

ඊයේ (12) පස්වරුවේ දිවයිනට පැමිණි ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගන්නා ලදී. අද දින විශේෂ රථ පෙරහරකින් ජනාධිපති කාර්‍යාලය වෙත කැඳවාගෙන එනු ලැබු තජිකිස්ථාන ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාර සහ අචාර වෙඩි මුර 21ක්ද පිරිනැමූහ.

අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තජිකිස්ථාන ජනාධිපති එමොලි රහ්මන් මහතා අතර ද්වි පාර්ශික සාකච්ඡාවක් පැවැත්වුණි. සාකච්ඡාවලින් අනතුරුව ද්විපාර්ශික ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබා තිබේ.

මේ අතර, තජිකිස්ථාන ජනාධිපතිවරයා අද පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට ද කටයුතු සූදානම් කර තිබේ.

හෙට දින ජනාධිපතිවරයා මහනුවර සංචාරයක නිරත වීමටද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top