සංහිඳියා කටයුතුවලට ඇමරිකාවේ සහාය

සංහිඳියාව ඇති කිරීමේ කටයුතුවලට ඇමරිකාව සහාය ලබාදීමට තීරණය කර තිබේ. ඇමරිකාවේ රාජතාන්ත්‍රික දෙපාර්තුමෙන්තුවේ ප්‍රජාතාන්ත්‍රික සහ මානව අයිතිවාසිකම් අංශය විසින් මෙම තීරණය ගැන ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්‍ධයෙන් උනන්දුවක් දක්වන සංවිධානවලින් අයඳුම්පත් ඉදිරිපත් කළ හැකි බව දැනුම් දී තිබේ.

කාලීන යුක්ති යාන්ත්‍රණය සහ සංහිඳියාව මූලික කරගත් වැඩපිළිවල් ජාතික මට්ටමෙන් හෝ පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා සහාය ලබාදීමට සූදානම් බව පවසා තිබේ. සත්‍ය පැවැසීම ඇතුළු විවිද යාන්ත්‍රණ මඟින් සහජීවනය ඇති කිරීමට ගන්නා උත්සහයට සහාය ලබා දෙන බව සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top