පකිස්ථාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (7) දින ශ්රී ලංකාවට පැමිණ සිටියි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ජී.පී බුලත්සිංහල මහතාගේ විශේෂ ආරාධනාවක් මත පකිස්ථාන් ගුවන් හමුදාපතිවරයා මෙලෙස දිවයිනට පැමිණ තිබේ.
පකිස්ථාන ගුවන් හමුදාපතිවරයා මෙරට ත්රිවිද හමුදාපතිවරුන් සමග සාකච්ඡා කළ අතර, අද දිනයේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය