කිලිනොච්චියේ ගින්නකින් වෙළඳසැලක් විනාශ වෙයි

කිලිනොච්චිය ඉරත්තිනපුරම් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක ඊයේ සවස දැල්වූ පහනක් වැටීමෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ප්‍රදේශවාසීන් සහ අසල්වැසි වෙළඳසැල් හිමියන් ගින්න පාලනය කිරීමට දැඩි උත්සහය නිරතවූ නමුත් අදාළ වෙළඳසැලේ බඩු භාණ්ඩ සියල්ල විනාශ වී ඇති බව කිලිනොච්චිය ප්‍රදේශයේ සිට අප වාර්තාකරු සඳහන් කරයි.

සිද්ධියෙන් කිසිවකුට හානියක් සිදුවී නැති බව ඔහු වැඩිදුරටත් පැවැසිය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top