යහපත් මිනිසුන් බිහිවන්නේ ආගමානුකූලව ජීවත්වීමෙන් පමණයි – ජනපති

ථේරවාදී බෞද්ධ දර්ශනය ලොවටම ව්‍යාප්ත කිරීමට රජය උපරිමයෙන් කැපවෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

කොබ්බෑකඩුව, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද ශාක්‍යසිංහ සුගන්ධ කුටිය ශාසනයට පූජාකිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පසුගිය (13) සඳහන් කළේය.

දිනපතා ආගමික වතාවත්වල නිරත වුවත් යහපත් මිනිසුන් බිහිවන්නේ ආගමානුකූලව ජීවත්වීමෙන් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වැඩි වශයෙන් සමාජය පිරිහෙන්නේ මිනිසුන් ආගම අනුව තම ජීවිතය ගත නොකිරීම නිසා බව ද පෙන්වා දුන්නේය.

නොසන්සුන් මනසක් ඇති මිනිසුන් සන්සුන් කළ හැකි එකම දහම බුදුදහම බවත් මේ වන විට බටහිර ලෝකය ද බෞද්ධ දර්ශනය පිළිබඳ වැඩි නැඹුරුවක් දක්වන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top