ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට කැමැතියි – දෙජාස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමේ ක්‍රියාන්විතයෙහි ජාත්‍යන්තරයේ සහභාගිත්වය, විශේෂයෙන් ඉන්දියාවේ සහභාගිත්වය අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා පවසයි.

කෙසේ නමුත් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීම සම්බන්‍ධයෙන් දිනයක් තීරණය කර නැති බවත්, ජාතික ප්‍රශ්ණයට ෆෙඩරල් ක්‍රමයක විසඳුමක් ලබාදිය යුතුයි යන්න පක්‍ෂයේ ස්ථාවරය බව හෙතෙම පවසා තිබේ.

උතුරට මූල්‍ය බලතල පවා බෙදා දිය යුතුයි යන්න තම ස්ථාවරය බවත්, එය ගැන තමන් මෑතකදී පාර්ලිමෙන්තුවේදී ද අවධාරණය කළ බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top