නාවික හමුදාව ගැන මහින්දගේ චෝදනාව බොරුවක් – රුවන් විජේවර්ධන

හම්බන්තොට වරායේ විරෝධය කඩාකප්පල් කිරීම සඳහා රජය නාවික හමුදාව යොදවා එහි කීර්තිනාමය හානි කළ බවට හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රතික්‍ෂේප කරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා කළ චෝදනාව පදනම් විරහිත බවත්, හම්බන්තොට වරායට නාවික හමුදාව යෙදවුයේ විරෝධතාකරුවන් නැව් දෙකක් සිය ග්‍රහණයට ගෙන තිබීම හේතුවෙන් බව අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

ජපානය හා සිංගප්පූරුවට අයත් ඉකුත් නෞකා දෙක මුදා ගැනීමට නාවික හමුදාව පියවර ගත් බවද හෙතෙම පවසා තිබේ.

මෙම විරෝධතාවය ඒකාබද්ධ විපක්‍ෂ මෙහෙයවූ දේශපාලන මෙහෙයුමක් බවත්, මෙවැනි ක්‍රියාකාරකම්වලින් රටට හෝ හමුදාවට අපකීර්තියක් ඇතිවීමට ඉඩ නොතබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top