අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වර්ජනයක්..

තම සේවා ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කර පරිදි පැය 48 ක වර්ජනයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කර සිටියි.

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් තැපැල් අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා සමඟ පවත්වන ලද සාකච්ඡාද අසාර්ථක වූ බවත් මෙම වර්ජනය හේතුවෙන් සමස්ත තැපැල් දෙපාර්තමෙන්තුවේ කටයුතු ඇණ හිටිනු ඇති බවත් අදාළ වර්ජනය හේතුවෙන් උත්සව සමය තුළ ජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් වන වගකීම අාණ්ඩුවේ බලධාරීන් විසින් භාරගත යුතු බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top