උතුරුමැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාර රත්නායක හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මිය යන විට 61 වන වියේ පසුවිය.
මේ වන විට පොළොන්නරුව ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති දේහය අද පස්වරුවේ පොළොන්නරුව, හේවාගම ප්‍රදේශයේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.