ඝාතන සිද්ධින් ගැන පරීක්‍ෂණ අවශ්‍යයි – ඩග්ලස්

ඝාතන සිද්ධීන් ගැන සාධාරණීය පරීක්‍ෂණ සිඳුකළ යුතුය, එයට ඊ.පී.ඩි.පි. පක්‍ෂය සහාය ලබා දෙන බව එම පක්‍ෂයේ මහ ලේකම් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබේ.

ඊයේ (19) දින යාපනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.

ඝාතන හා පැහැරගෙන යෑමේ සිද්ධීන් සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළ යුතුයි. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පසු ශ්‍රී ලංකාවේ සිඳුවූ දේශපාලන ඝාතන සියල්ලටම තම පක්‍ෂය වෙත චෝදනා කර තිබුණි. එහිදී ඝාතන සිද්ධීන් රැසක් සම්බන්‍ධයෙන් කළ පරීක්‍ෂණවලින් අප පක්‍ෂයට හා එම ඝාතනවලට කිසිඳු සම්බන්‍ධයක් නැති බව අනාවරණය වුණි. එමෙන් ඝාතන සිද්ධීන් ගැන පුළුල් පරීක්‍ෂණ සිදුකළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top