රජයේ බදු අයකිරීමේ වැඩපිළිවලට තායිලන්තයේ සහාය

රජය විසින් ක්‍රියාත්මක කරන බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ තායිලන්න තානාපති නොපෝන් අඩ්චරියාවනිච් මහතා පවසා තිබේ.

සිය නිල කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (19) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී හමු වූ තායිලන්න තානාපතිවරයා මේ බව පවසා තිබේ.

රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට බදු ගෙවීම පැහැර හරින්නන් හරි හැටි හඳුනාගැනීම සහ ඔවුන්ට මගපෙන්වීම ලබා දීම අවශ්‍ය බවත් මේ සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ පවතින දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම කාලෝචිත පියවරක් බව ද නොපෝන් අඩ්චරියාවනිච් මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top