නැගෙනහිර පළාත් සභාවේ අය-වැය වාර්තාව වන 2017 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ජන්ද 17කින් සම්මත විය. මහ ඇමැතිවරයා යටතේ පවතින දෙපාර්තුමෙන්තු 13 සඳහා අද දින පැවැති ජන්ද විමසීමේදී පක්ෂව ජන්ද 25 ක් ප්රකාශ කෙරුණු අතර නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා යටතේ පවතින දෙපාර්තුමෙන්තුවලට මන්ත්රීවරුන් බහුතරයක විශ්වාසය හිමිව තිබේ.
වෙනත් වසරවල රුපියල් මිලියන 1500කට වැඩි මුදල් වෙන් කිරීමක් නොලැබුණු නැගෙනහිර පළාත් සභාවට මෙවර මහ ඇමැති හාෆිස් නසීර් මහතාගේ උත්සහයෙන් රුපියල් මිලියන 3000කට අධික මුදලක් ලබාගෙන ඇති බව පෙන්වාදී තිබේ.
මෙවර 2017 සඳහා රුපියල් මිලියන 1800ක් ලැබී තිබෙන අතර, එය වැඩි කර ගැනීම සඳහා සියළු උත්සහක්ම ගන්නා බව මහ ඇමැතිවරයා සඳහන් කර තිබේ.