බලය බෙදීම යන මූලික ප්‍රශ්නයට ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් විසඳුම් සෙවිය නොහැකි බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව පවසන සරත් විජේසූරිය මහතා පවසන්නේ ඊට අදාළ අධ්‍යාපනයක් ලබාදිය යුතු බවයි.
කොළඹ ජාතික පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා මේ බව පැවසීය.