ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව මාර්තු 22 ඉදිරිපත් කිරීමට නියමිතයි..

ජිනීවා මානව හිමිකම් සභාව විසින් පසුගිය වසරේ සම්මත කළ යෝජනාව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්‍ධ ලිඛිත වාර්තාව, එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසෛයින් මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේ 34 වන සැසිවාරය ලබන වසරේ පෙබරවාරි 27 සිට මාර්තු 24 දක්වා පැවැත්වීමට නියමිත අතර, එහිදී මාර්තු 22 වනදා එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරනු ඇති බව වාර්තාවේ.

මේ අතර, එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස් විසින් ඉදිරිපත් කරන වාර්තාවට ශ්‍රී ලංකා රජය පිළිතුරු ලබාදීමට නියමිත අතර, රජය පාර්ශවයෙන් ද වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඇති බව වාර්තාවේ.

ජිනීවා මානව හිමිකම් සභාවේ පසුගිය වසරේ පැවැති 30 වන සැසිවාරයේදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය සම්මත කෙරුණි. එයට ශ්‍රී ලංකා රජය ද සම අනුග්‍රහය ලබාදී තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top