පොලීසියේ පුවත් පෞද්ගලික මාධ්‍යට නොදීමට තීරණය කරයි..

පොලිස් දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික මාධ්‍ය වෙත තොරතුරු ලබා නොදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

මීටපෙර පොලිස් දෙපාර්තමේන්තුව විසින් සෑම පොලිස් බල ප්‍රදේශයකම සිදු වන සිදුවීම් විද්‍යුත් තැපෑල මාර්ගයෙන් රජයේ මාධ්‍ය වෙත මෙන්ම සියලු පෞද්ගලික මාධ්‍ය වෙත එවා තිබුණි.

මින් ඉදිරියට පොලිස් දෙපාර්තුමෙන්තුවේ විසින් රාජ්‍ය මාධ්‍ය වෙත පමණක් පුවත් යොමු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ. රත්නපුර ප්‍රදේශයේදී පැවති උත්සවයකදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමට අදාළ සිදුවීම අනවශ්‍ය ප්‍රචාරණයට ලක්වීම මීට හේතු වී ඇති බව ද පැවසේ.

මීට අමතරව පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන කිසිදු උත්සවයකට පෞද්ගලික නාලිකාවලට ආරාධනය නොකිරීමට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top