පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සුනාමි ස්මාරකය විවෘත කෙරේ..

මුල්ලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සුනාමි ස්මාරකය විවෘත කර තිබේ. අද සඳුදා දින විෘවත කරන ලද සුනාමි ස්මාරකය අභියසදී ආගමික හා අනුස්මරණ කටයුතු ද සිඳු කෙරුණි.

සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සිහිකිරීම සඳහා මීට පෙර එහි ඉදිකර තිබූ ස්මාරකය යුද්දය පැවැති කාලයේදී හමුදාව විසින් විනාශ කර තිබුණි. මෙවැනි තත්වයකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සි. සිවමෝහන් මහතාගේ ප්‍රධානත්වයෙන් අලුතින් ස්මාරකයන් ඉදිකර සුනාමි ව්‍යසනය සිඳුවී දොලොස් වසරක අනුස්මරණ දිනය වූ අද දින එය විවෘත කරන ලදි.

දොලොස් වසරකට ඉහත සුනාමියෙන් ජීවිත අහිමි වූ ජනතාව සිහිකරමින් අද දින ඔවුන්ගේ ඥාතීන් විසින් අනුස්මරණය හා පූජා කටයුතු සිදු කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top