කඩා වැටුණු රුසියානු යානයේ මළසිරුරු හමුවේ

කළු මුහුදට කඩා වැටුණු රුසියානු ගුවන් යානයේ ගමන් කළ මගීන් දස දෙනකුගේ මළසිරුරු සොයා ගත් බව රුසියාවේ බලධාරීහු පවසති.

ඔවුන්ගේ සිරුරු දැනටමත් මොස්කව් නුවර බලා පිටත්කර තිබේ.

සෝචි ගුවන් තොටුපොලෙන් ගුවන්ගත් යානය ඉන් මොහොතකට පසුව කඩා වැටුණු අවස්ථාවේ, හමුදා ගුවන් යානයේ ගමන් කළ මගීන් 92 දෙනා සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මරුමුවට පත්විය.

රුසියාවේ ඉතා ප්‍රසිද්ධ අලෙක්සන්ද්‍රෆ් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන්ද ඒ අතර වූහ.

කපිතාන්වරයාගේ අත්වැරැද්දක් හෝ තාක්ෂණික දෝෂයක් යානය කඩාවැටීමට හේතුව විය හැකි බව රුසියාවේ ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.

තුන්දහසකට ආසන්න සහන සේවකයන් පිරිසක් මළසිරුරු සොයාගැනීම පිණිස සෝදිසි මෙහෙයුමක යෙදී සිටිති.

බිබිසි සිංහල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top