සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට දකුණු සහ සබරගමුව විරුද්ධත්වය පළ කරයි..

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ සහ සබරගමුව පළාත් සභාවේදී අද පැවැති ඡන්ද විමසීමකින් පරාජයට පත්වී තිබේ.

සංවර්ධන විශේෂ විධි විධාන පනත දකුණු පළාත් සභාවට ඉදිරිපත් කර ඡන්දය විමසීමෙන් පසු වැඩි ඡන්ද 19කින් පරාජයට පත්ව තිබේ. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා අද පනත සභාවට ඉදිරිපත් කළ අතර මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ අදහස් දැක්වීමෙන් පසු ඡන්දය විමසීම ආරම්භ කළ අතර, පනතට පක්ෂව ඡන්ද 14ක් සහ විපක්ෂව ඡන්ද 33ක් ද හිමිව තිබේ.

මේ අතර, සබරගමුව පළාත් සභාවේද මේ සම්බන්ධයෙන් අද පැවැති ඡන්ද විමසීමකින් එයද 20ට 13ක් ලෙස පරාජයට පත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top