අනවසර සුරාසල් වසා දමන්න! – නැගෙනහිර උද්ඝෝෂණයක්

මඩකළපුව, කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාසයේ ආරම්පයදි ප්‍රදේශයේ පවත්වාගෙන යන අනවසර සුරාසල් වසාදැමිය යුතු බව ඉල්ලා කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (29) උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

පාසල්, කෝවිල් හා පොදු වෙළඳසැල් ආදිය අසල විවෘත කර ඇති සුරාසල් නිසා ජනතාව විවිද ගැටළුවලට මුහුණ දෙමින් සිටින අතර, මාර්ග අනතුරුද සිදුවන බවට චෝදනා කර ඇති ජනතාව නව වසරේදී ඉකුත් සුරාසල්වල බලපත්‍ර අලුත් නොකරන ලෙසද අවධාරණය කර සිටිති.

උද්ඝෝශණයෙන් අනතුරුව ජනාධිපති වෙත යැවීම සඳහා සංදේශයක් ද ප්‍රාදේශීය ලේකම් වෙත භාර දුන්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top