ඉඩම නිදහස් කරන ලෙස ඉල්ලා මඩකළපුවේ උද්ඝෝෂණයක්

මඩකළපුව – මයිලම්පාවෙලි ප්‍රදේශයේ පිහිටි පුණ්‍යාධාර සමිතයකට අයත් ඉඩමක ඉදිකර තිබෙන පොලිස් මුරපොළ ඉවත් කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරතව සිටිති.

මයිලම්පාවෙලි ප්‍රදේශයේ මඩකලපුව – වාලයිචේනයි ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉකුත් පොලිස් මුරපොළ ඉදිරිපිට අද සෙනසුරාදා දින පෙරවරුවේ සිට ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නිරතව සිටිති.

අදාළ ඉඩම නැවැත ලබාදී ජනතා සුභ සාධාන කටයුතු පවත්වාගෙන යාමට සහාය ලබාදෙන ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින අතර, මෙම උද්ඝෝෂණයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීනේසන්, එස්. වියාලේන්දන්, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ගෝවින්ද කරුනාකරම් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top