ඉන්දු ලංකා ධීවර සාකච්ඡා අද

ඉන්දීය ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දු ලංකා ද්විපාර්ශ්වීය සාකච්ඡා මාලාවේ දෙවන වටය අද (02) කොළඹදී පැවැත්වේ.

ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව ධීවර ගැටලුවට අවසන් විසඳුමක් සේවීම සඳහා මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇත.

අද (02) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා එරට කෘෂිකර්ම හා සුබසාධන කටයුතු අමාත්‍ය රාධා, මොහාන්සිං මහතා ප්‍රමුඛ 11 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය නියෝජිත පිරිසක් සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකාව වෙනුවෙන්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්, ආරක්ෂක ‍ලේකම්, කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් හා නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top