තමිල්නාඩුවේ පසුගිය දින තුනකදී ගොවීන් 29 දෙනෙකු සිය දිවි නසා ගනී..

තමිල්නාඩුවේ පසුගිය දින තුනක කාලය තුළ ගොවීන් 29 දෙනෙකු සිය දිවි නසාගෙන ඇති බවත්, ඊයේ (2) දින පමණක් 5 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තාවේ.

බලාපොරොත්තු වූ මෝසම් වර්ෂාව නොලැබීම හේතුවෙන් සිය වගා බිම් විනාශයට පත්වීමෙන් ගොවීන් මෙලෙස විශ පානය කර සහ ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන තිබේ.

පසුගිය වසර පහ තුළ තමිල්නාඩුවේ පමණක් ගොවීන් 2500 දෙනෙකු සිය දිවි නසාගෙන ඇති බව වාර්තාවේ. බොහෝ විට ගොවීන් සිය දිවි නසා ගැනීමේ ප්‍රධාන හේතුව වගා බිම් විනාශවීමෙන් බලාපොරොත්තු වූ අස්වැන්න නොලැබීම නිසා තමන් ගත් ණය ගෙවා ගැනීමට නොහැකිවීම බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top