සවිකරන නිවාස එපා, ගඩොලින් නිවාස ඉදිකර දිය යුතු යැයි නිවාස ලාභීන් ඉල්ලා සිටිය යුතුයි – මාවයි සේනාදිරාජා

සවිකරන නිවාස සඳහා වූ අයඳුම්පත් ප්‍රතික්‍ෂේප කර, ගඩොලින් නිර්මාණය කළ නිවාස අවශ්‍ය බවට ලිඛිතව දැනුම් දෙන්නැයි නිවාස අවශ්‍යතා ඇති ජනතාවගෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා ඉල්ලා තිබේ.

මාවයි සේනාදිරාජා මහතා විසින් නිකුත් කළ පුවත් නිවේදනයකදී මේ බව සඳහන් කර තිබේ. එහි වැඩිදුරටත් පවසා තිබෙන්නේ..

සවිකරන නිවාස ව්‍යාපෘතියට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා සහ උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයන් විරුද්ධත්වය පළ කර තිබේ. දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීම්, හා පළාත් සභාවේදී ද සවිකරන නිවාස ව්‍යාපෘතියට එරෙහිව කෙටුම්පත් සම්මත කර තිබේ. පාර්ලිමෙන්තුවේ මගේ ප්‍රධානත්වය යටතේ තිබෙන නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශ ඇතුළු නිරීක්‍ෂණ කමිටුව ද මෙම ව්‍යාපෘතය නොසුදුසු බව තීරණය කර තිබේ.

යාපනයේදී, ලක්‍ෂ අටක නිවාස ව්‍යාපෘතිය, සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතියි. නමුත් ගල් නැහැ, වැලි නැහැ, ජලය නැහැ යැයි වැදගත්කමක් නැති හේතු පෙන්වා ජනතාව රවට්ටමින් සිටියි.

යුද්දය හේතුවෙන් විනාශයට පත්වූ උතුර – නැගෙනහිර පළාත්වලට ගඩොල්, සිමෙන්තිවලින් ඉදිකරන ලද නිවාස එක් ලක්‍ෂ 30 දාහකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බව එම වාර්තාවෙහි සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top