ජාඇළ, දඬුගම නීති විරෝධී ඉඩම් ගොඩකිරීම වහාම නවතා දමන්නැයි ජනපතිගෙන් නියෝග

ජාඇළ, දඬුගම ප‍්‍රදේශයේ ස්ථාන දෙකකදී නීති විරෝධි අයුරින් මහා පරිමාණ ලෙස සිදු කෙරුණු ඉඩම් ගොඩකිරීම් දෙකක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වහාම නවතා දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම ඉඩම් ගොඩකිරීම් පිළිබඳ ප‍්‍රදේශවාසීන් විසින් පසුගිය (03) ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ පාර්ශව සමග වහාම එම ස්ථානයට ගොස් විමර්ශන කටයුතු සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් ජාඇල පොලිසිය සමග එම ස්ථාන වෙත ගොස් විමර්ශන කටයුතු ආරම්භ කළ අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එම අනවසර ඉඩම් ගොඩකිරීම් වහාම නවතා දැමීමට පියවර ගෙන තිබේ.

මුතුරාජවෙළ කඩොලාන පාරිසරික පද්ධතියට හානි පමුණුවමින් විශාල භූමි භාගයක සිදු කෙරුණු මෙම අනවසර පහත් බිම් ගොඩකිරීම් සිදු කළ පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top