උදයංග වීරතුංගට අයත් බැංකු ගිණුම් 16ක් අත්හිටුවයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ නමින් බැංකු සහ මූල්‍ය සමාගම්වල පවත්වාගෙන යන රුපියල් මිලියන 1.5ක මුදල් සහිත ගිණුම් 16ක් අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (04දා) නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකළැයි සිද්ධිය සම්බන්‍ධයෙන් සිදුකරන නඩු විභාගයට අදාළව එම ගිණුම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වු පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් මගින් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top