අධිකරණ නියෝගය නොතක විරෝධතා කළ 30ක් අත්අඩංගුවට

අධිකරණ නියෝගය නොතකමින් හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයේදී පොදු දේපොළවලට අලාභහානි කිරීමට සැකපිට 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පසුගිය 06වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

කෙසේ නමුත් හම්බන්තොටදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් විරෝධතාවක් පැවැත්වූ අතර, එහිදි එම මුල් ගල තැබීමේ උත්සවයට පක්‍ෂපාති පිරිසකට හා විරුද්ධවූ පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top