නව ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකළ යුතුයි – ඩග්ලස්

දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටු නොවන කිසිඳු විසඳුමක් දෙමළ ජනතාව පිළිනොගනියි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් විවිද අදහස් ඉදිරිපත් කරන නමුත්, දෙමළ ජනතාව තවමත් සිය විශ්වාසය අත්හැර නැහැ. එමෙන් ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ලබාදිය හැකි යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතුයි යන්න සිය කැමැත්ත බව ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඊ.පී.ඩි.පී. පක්‍ෂය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

දෙමළ ජනතාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තමන්ට සාධාරණීය දේශපාලන විසඳුමක් ලැබෙනු ඇති බවට විශ්වාස කරති. දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටුකරන අයුරින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබිය යුතු බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top