සරත් කුමාර ගුණරත්න යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධානගාරගත කර සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා ව සිටි කාලය තුළ මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ රුපියල් ලක්ෂ 120ක් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගතව සිටින සරත් කුමාර ගුණරත්න මහතා ලබන 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (9) නියෝග කර තිබේ.

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා ඔහු අත්අඩංගුවට ගනු ලැබිණ.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top