බදුල්ල මහාධිකරණයෙන් හයකට මරණ දඞුවම

2014 වසරේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාමේ සිද්ධියකට අදාළව බදුල්ල මහාධිකරණය විසින් හය දෙනෙකුට ඊයේ 9 දින මරණ දඩුවම නියම කරනු ලැබිණි.

ඉකුත් තරුණයාගේ ඝාතනය සිද්ධියට වැරදිකරුවන් වූ කන්දකැටිය පොලිසියේ හය දෙනකුට බදුල්ල මහාධිකරණ විනිසුරු රොහාන් ජයරත්න මහතා විසින් මෙලෙස මරණ දඞුවම නියම කර තිබේ.

කන්දකැටිය පොලිසියේ සිටි උප පොලිස් පරීක්ෂක ආර් එම් ජී සෝමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන බී ඩී පද්මසේන ගමගේ, එස් එම් ආර් පුෂ්පකුමාර, ඩී එම් හේෂාන් පොලිස් ආරක්ෂක සහායක ඩී එම් විජේරත්න සහ සිවිල් ආරක්ෂක එස් එම් ජයසුන්දර මරණ දඬුවම නියම වූවෝ වෙති

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top