ආසියානු කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා ලෙස රවී කරුණානයක නම් කරයි..

ආසියානු පැසිෆික් කලාපයේ 2016 වසර සඳහා වූ හොඳම මුදල් ඇමැතිවරයා ලෙස මෙරට මුදල් ඇමැති රවී කරුණානායක මහතා නම් කර තිබේ. ප්‍රසිද්ධ වාණිජ සඟරාවක් වන ද බෑන්කර් සඟරාව විසින් මෙලෙස නම් කර තිබේ.

රටේ ආර්ථික අර්බුධය මැද විදේශ ආයෝජකයන්ට රටතුල ආයෝජනය කෙරෙහි විශ්වාසය ඇති කිරීමට රවී කරුණානායක මහතා සමත්ව ඇති බවත්, කාර්‍යක්‍ෂම හා විසඳුම්කාරි ලෙස මූල්‍ය කළමණාකරණය මඟින් ශ්‍රී ලංකාව නව ආර්ථික සංවර්ධනයක් කරා යොමුකර ඇති බවද පෙන්වාදී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා ගැනීමට ද රවී කරුණානායක මහතා සමත්ව ඇති බවද සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top