ඩොලර් ලක්‍ෂ තුනක් සමඟ එන විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ නේවාසික වීසා

Doller And Passportශ්‍රී ලංකාවට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 300,000 ක් රැගෙන එන විදේශීය පුද්ගලයන්ට (Foreign Individuals) නේවාසික වීසා ලබා දීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 300,000ක ශේෂයක් වසර 10ක් තුළ විදේශ තැන්පත් ගිණුමේ පවත්වාගෙන යාම අවශ්‍ය බව රජය කියා සිටී.

පසුගිය අයවැයෙන් යෝජනා කළ පරිදි මෙලෙස විදේශ විනිමය ගෙන එන විදේශිකයින් හට වසර 10 ක කාලයක් සඳහා මෙලෙසින් නේවාසික වීසා පිරිනැමෙනු ඇත. කෙසේ වෙතත් මෙම වීසා ලාභීන්හට ශ්‍රී ලංකාව තුළ රැකියාවේ යෙදීමට අවස්ථාව හිමි නොවන අතර ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කර මෙරට ශ්‍රමිකයින් හට රැකියා අවස්ථා ලබා දීමට අවස්ථාව හිමිවනු ඇත.

මේ සඳහා විශේෂ තැන්පත් ගිණුම් පනත හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙන අතර යෝජිත විශේෂ තැන්පත් ගිණුම් පනත කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා විසින් ඉදරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

– biz.adaderana.lk
– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top