නැගෙනහිර රැකියා ප්‍රශ්ණය විසඳීමට පූර්ණ සහාය ලබා දෙනවා – ඔස්ට්‍රෙලියාව

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රෙලියානු රජයේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියේ ආරම්භක උත්සවය ඊයේ 11 දින පැවැත්වුණි.

ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස්වරයාගේ නිළ නිවසේදී පැවැති එම අවස්ථාවට නැගෙනහිර පළාත් මහ ඇමැති හෆීස් නසීර් අහ්මද්, ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හට්සෙන් සහ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ යන මහත්වරුන් සහභාගිවූහ.

ශ්‍රී ලංකාවේ දීප්තිමත් අනාගතයක් සඳහා සහ නැගෙනහිර පළාතේ පවතින රැකියා ප්‍රශ්ණය විසඳීමට ඔස්ට්‍රෙලියානු රජය පූර්ණ සහාය ලබා දෙන බව ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හට්සෙන් මහතා එහිදී පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top