දයා මාස්ටර් රිමාන්ඩ්

dayamaster_CIඑල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් හෙවත් වෙලායුදම් දයානිදිව හෙට (11දා) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වවුනියාව මහා අධිකරණයේ විනිසුරු බී.සශි මහේන්ද්‍රන් මහතා අද (10දා) නියෝග කර තිබේ.

ත්‍රස්ත මර්ධන පනත යටතේ ඔහුට එරෙහිව ගොනු කළ නඩුව අද දින විභාග ගත් අවස්ථාවේ කොන්දේසි සහිතව ඇප මත නිදහස් කිරීමට අධිකරණය අවසර ලබාදී තිබුණි.

රුපියල් ලක්ෂ 5 මුදල් ඇපයක්  හා රුපියල් ලක්ෂය බැගින් රාජ්‍ය නිලධාරීන් 4ක් ඇප දිය යුතු බවට නියම කළද ඇප කොන්දේසී  ශරීර ඇප ලබා දෙන්නන්ව අධිකරණය විසින් තහවුරු කළ යුතු බව නියෝග කිරීමෙන් එම කොන්දේසිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම නිසා හෙට දක්වා රිමාන්ඩ් කෙරිණ.

එසේම සැකකරුට උතුරු පළාතෙන් පිටයාම තහනම් කිරීමටත්, සෑම දිනකම උදේ 9-12ත් අතර කාලයේදී යාපනය පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසටත් හෙට දින ශරීර ඇපයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන් 4 අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් එතෙක් දයා මාස්ටර්ව රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

2009 වර්ෂයේදී නීතිවිරෝධී ත්‍රස්ත සංවිධානයක මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කිරීම සහ අවසන් යුද සමයේදී සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය බලහක්කාරයෙන් තබාගැනීමට සම්බන්ධවීම යන චෝදනා යටතේ දයා මාස්ටර්ට එරෙහිව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top