වලිගාමම්, ඌරනි ප්‍රදේශය තයිපොන්ගල් දිනයෙදී නිදහස් ..

වලිගාමම්, උතුර ඌරනි ප්‍රදේශය තයිපොන්ගල් දිනයේදී හමුදාව විසින් ප්‍රදේශවාසීන්ට ලබාදීමට නියමිත බව යාපනය දිස්ත්‍රික්ක දිසාපති නාකලිංගම් වේදනායකන් මහතා පවසයි.

ධීවර රැකියාව කරන පවුල්වල යහපත උදෙසා, ඔවුන්ගේ ජීවනෝපාය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හමුදාව යටතේ පවතින ඌරනි වෙරළාසන්න ප්‍රදේශය ලබන 14 වනදා සිට නිදහස් කිරීමට නියමිත බව ඔහු පවසා තිබේ.

තවද මුහුදේ මසුන් මැරීම සඳහා යෑමට හමුදා හෝ නාවික හමුදාව විසින් කිසිඳු සීමාවක් පනවා නොමැති බවත් සිය ආරක්‍ෂාව ගැන සිතා තම සීමාව දක්වා ගොස් මසුන් මැරීමට අවසර ලබාදී ඇති බව දිසාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top