වලිගාමම් උතුර ඌරනි ප්‍රදේශය නිදහස් කරයි..

Aවලිගාමම් උතුර, ඌරනි ප්‍රදේශය අද දින ගම්වැසියන් සඳහා නිදහස් කර තිබේ. ධීවර රැකියාව කරන ජනතාවගේ යහපත උදෙසා, ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු නඟසිටුවීමේ අරමුණින් ඉකුත් ප්‍රදේශය ජනතාව වෙනුවෙන් නිදහස් කර තිබේ. අක්කර දෙකකට වැඩි ඉඩම් ප්‍රමාණයක් මෙලෙස නිදහස් කර ඇති බව පැවැසේ.

එම ප්‍රදේශය ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යංශයේ ලේකම් එස්. සිවඥානසෝදි විසින් යාපනය දිස්ත්‍රික්ක දිසාපති එන්. වේදනාකයන් මහතා වෙත භාරදුන්හ.

මෙම අවස්ථාවට යාපනය ආරක්‍ෂක අංශ ආඥාපති මේජර් ජෙනරාල් මහසේ සේනානායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක්ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top