මුසම්මිල්ට ඇප

Muzammil NFFජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (10දා)  ඇප නියම කළාය.

ජනපති ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ දින පනහකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මුසම්මිල්ව, රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියනය බැගින් යූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

මොහොමඩ් මුසම්මිල්ගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා මෙලෙස ඇප මත මුදා හැර තිබෙන අතර, රට යෑම තහනම් කිරීමටත් මහසේත්‍රාත්වරිය නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top