බත්තලන්ගුන්ඩුව දී පොලිසියේ දෙදෙනකුට ප්‍රහාරයක්..

කල්පිටිය බත්තලන්ගුන්ඩුව දූපතේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පහරදීමකට ලක්ව තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙන අතර, එහි එක් අයෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරුකර ඇති බව ද වාර්තාවේ.

සිය පුතණුවන් නිවස තුළ කළහකාරීව හැසිරෙන බවට කාන්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා බත්තලන්ගුන්ඩුව දූපතට ගිය අවස්ථාවේ, කළහකාරීව හැසිරෙන බව කියූ ඉකුත් පුද්ගලයා විසින් මෙලෙස නිළධාරීන්ට පහරදී ඇති බව පැවැසේ.

තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා  නාවික හමුදා යාත‍්‍රාවකින් ගොඩබිමට රැගෙනවිත් රෝහල් ගත කර තිබේ. දූපත්වාසීන්ගේ ද සහාය ඇතිව පහරදුන් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top