හම්බන්තොට සිද්ධියට සම්බන්‍ධ 10 දෙනෙකුට ඇප

හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ සිඳුවූ කලහකාරී සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් 10 දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

ඉකුත් සිද්ධිය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගත් 34 දෙනාගෙන් 24 දෙනෙකු ජනවාරි 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, සෙසු සැකකරුවන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප 03ක් මත මුදා හැරින ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (16) නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top