නියං සහන ලබාදීමට එ.ජා. සංවිධානයේ සහාය

ඉදිරියේ දී මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ශී‍්‍ර ලාංකික ජනතාවට අවශ්‍ය සහන සැළසීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ ඊට අනුබද්ධිත සියලු ආයතනවල පූර්ණ සහය ලබාදෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික නියෝජිත සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ‍්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Una Mc Cauley මහත්මිය ප‍්‍රකාශ කර තිබේ.

ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය, එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ ශී‍්‍ර ලංකාව සඳහා වන අධ්‍යක්ෂවරිය, එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිස මේ බව පවසා තිබේ.

ශී‍්‍ර ලංකාවට මුහුණදීමට සිදුවන ආපදා තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු කර පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා ඔවුන්ගෙන් ලබාගතහැකි සෑම සහයක් ම ශී‍්‍ර ලංකාවට ලබාදීමට මැදිහත්වන බව ද නියෝජිත පිරිස එහිදී පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top