තාජුඩීන්ගේ සිරූරේ කොටස් අතුරුදහන්

thajudeen_CIරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ඝාතනයට අදාල පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ සිරුරේ කොටස් කිහිපයක් අතුරුදහන්වී ඇති බව අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

සෞඛ්‍ය අමාත්‍යශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට මේ බව අනාවරණය කළේය.

එම වාර්තාවට අනුව එවක කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් තාජුඩින්ගේ සිරුරේ කොටස් කිහිපයක් අස්ථානගතවී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය සිදුකළ විශේෂ විමර්ශනයකදී මෙම කරුණු අනාවරණ වූ බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top