හිටපු කොටි සාමාජිකයන් රැකියා ඉල්ලා ආණ්ඩුකාරවරයා වෙත සන්දේශයක් භාර දෙයි..

කිලිනොච්චියේ සිටින පුනරුත්ථාපනය ලැබූ හිටපු කොටි සාමාජිකයන්ට රැකියා අවස්ථා ලබාදී නැති බව පවසා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත හිටපු කොටි සාමාජිකයන් විසින් සන්දේශයක් භාරදී තිබේ.

කිලිනොච්චිය සිවිල් ආරක්‍ෂක දෙපාර්තුමෙන්තුවේ අද දින පැවැති පොන්කල් උත්සවයට සහභාගිවූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත මෙලෙස සන්දේශයක් භාරදුන්හ.

එහිදී අදහස් ප්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා, මේ ගැන ජනාධිපතිගේ අවධානයට යොමු කරන බවත්, මෙයට විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවද පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top