අගමැති සහ චීන ජනාධිපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (HE Xi Jinpin) මහතා හමුවී සාකච්ඡා කර තිබේ. 2017 ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා දෙරට නායකයන් ස්විට්සර්ලන්තයේ ඩවොස් නුවර පැමිණ සිටින අතර, සමුළුවට සමගාමීව මෙම හමුව පවත්වා තිබේ.

හම්බන්තොට වරාය හා ඒ ආශ්‍රිත ආයෝජන කලාපය සහ කොළඹ ඉදිකෙරෙන මූල්‍ය නගරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ චීන ආයතන රැසක් ආයෝජනය කර ඇති බවද චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top