ඒකාබද්ධ විපක්‍ෂ කබීර් හෂීම්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ඒ 350-900 එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කිරීම නිසා රජයට අැමෙරිකානු ඩොලර් මිලියන 98 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද (18) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හේරත්, පියල් නිශාන්ත, ෂෙහාන් සේමසිංහ සහ ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සදහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලදී.

පැමිණිල්ල ඉදිරිපත් කර කොමිෂන් සභාවෙන් පිටතට පැමිණ, මාධ්‍ය වෙත සිය අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසා සිටියේ Top 10 හෙළිදරව්ව යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත මේ වන විට පැමිණිලි 06 ක් සිදු කර අැති බවයි. ඉදිරියේදී තවත් පැමිණිලි 04 ක් ඉදිරිපත් කිරීමට නියමිතව අැති බවත් මෙම පැමිණිලි සියල්ලම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත් එම පැමිණිලි පිළිබදව බලධාරීන් නිසි අාකාරයෙන් විමර්ශන සිදු නොකරන්නේ නම් ඊට විරෝධය දක්වමින් වෙනත් ක්‍රියාමාර්ගයන්ට යොමු වන බවත් කනක හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top