ආර්ථික හා සමාජයීය සබඳතා පිළිබඳ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශවික සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශවික වෙළද ආර්ථික හා සමාජයීය සබඳතා ශක්තිමත් හා පුළුල් කරලීම සම්බන්ධව වියට්නාම් අග්‍රාමාත්‍ය නයෙන් ෂුආන් පක් (HE Mr. Nguyen Xuan Phuc) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී සාකච්ඡා පැවැත්විණි.

දෙරටටම පොදු සංස්කෘතික ලක්‍ෂණයන් හා සම්ප්‍රදායන් පදනම් කර ගනිමින් හඳුනා ගන්නා සුවිශේෂී ක්ෂේත්‍රයන්හි මේ සබඳතා ශක්තිමත් කර ගැනීම වඩාත් සුදුසු බව මෙහිදී අවධාරණය කෙරිණි.

ලබන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වියට්නාම් නිල සංචාරය අවස්ථාවේ දී ශ්‍රී ලංකාව සමග අවබෝධාත්මක ගිවිසුම් කීපයක් අත්සන් කිරීමට අපේක්‍ෂා කරන බව වියට්නාම් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

දෙරටේ සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අරමුණින් ඉහළ පෙළේ ඒකාබද්ධ කොමිසමක් පත් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top