රනිල් සහ නෝර්වේ අගමැතිනි අතර සාකච්ඡා

නෝර්වේ රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා තව තවත් ශක්තිමත් කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව නොර්වේ අගමැතිනි අර්නා සොල්බර්ග් (HE Erna Solberg) මහත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අදහස් හුවමාරු කර ගැනිණි.

ඩවොස් ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර, දැනට ක්‍රියාත්මකවන ද්විපාර්ශවික වැඩසටහන් හා සැලසුම් පිළිබඳව ද සමාලෝචනයක් මෙහිදී සිදු කෙරිණි.

යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශයන්හී ආර්ථීකය හා ජන ජීවිතය නගා සිටුවීම උදෙසා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.තාක්ෂණ පරිනාමණය සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශක මංගල යාපා යන මහත්වරුන් ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top