45 වෙනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

ඇමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය. “සුභ පැතුම්, ජනාධිපතිතුමනි,” අගවිනිසුරු රොබට්ස් පැවසීමත් සමග උත්සවය නැරඹීමට රැස්ව සිටි මහජනකාය ප්‍රීති ඝෝෂා නැගූහ.

ඉන් අනතුරුව උත්සවය ඇමතූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “වොෂින්ටනයේ සිට මහජනතාව වෙත බලය පවරාදෙන” බවට ප්‍රතිඥා දුන්නේය.”රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට” එරෙහිව ශිෂ්ඨ සම්පන්න ලෝකය එකමුතු කරන බවට ප්‍රතිඥා දුන් නව ජනාධිපතිවරයා, එය ලෝකයෙන් “අතුගා දමන” බවටද සපථ කළේය.

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ ඔහුගේ භාර්යාව වන හිලරි ක්ලින්ටන් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන්ද පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වෙමින් සිටිති.

එයට පෙර ඔහුගේ උප ජනාධිපති මයික් පෙන්ස් නව පදවියේ දිවුරුම් දුන්නේය.

– බීබීසී –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top